ක්‍රි.ව. 433-434
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු. 01 යි)
ඡත්තගාහක රජුගේ මරණින් පසු මිත්සෙන් හෙවත් කරල් සොරහු නමැත්තෙක් රජවිය. ඔහු එක අවුරුද්දක් රාජ්‍යය කළ පසු දෙමළ සෙනඟක් එතෙරින් අවුත් යුද්ධකොට ඔහු මරා රාජ්‍යය අත්පත් කරගත්තේය. එකල සිංහල රාජවංශයේ කුමාරවරු මහවැලි ගඟින් එතරව ගොස් රුහුණු රට සැඟවී සිටියේය.
