ප්‍රභා ස්වයංපෝෂි කාණ්ඩයේ ක්ෂුද්රජීවීන් වායුමය කාබන් ඩයොක්සයිඩ් (CO2) කාබන් ප්රභවය ලෙස ද, සූර්යාලෝකය ශක්ති ප්රභවය ලෙස ද යොදාගනිමින් ප්‍රභා සංස්ලේෂණය කිරීමෙන් පෝෂණ අවශ්‍යතා සපුරා ගනී. සයොනොබැක්ටීරියා මෙයට උදාහරණයකි. සියලු ම ශාකවල සහ හරිත ඇල්ගේවල පෝෂණ ක්‍රමය ද මෙය ම වේ.
රසායනික ස්වයංපෝෂි ක්ෂුද්රජීවීන් කාබන් ප්රභවය ලෙස වායුමය කාබන්ඩයොක්සයිඩ් (CO2) යොදා ගනී. ශක්ති ප්රභවය ලෙස අකාබනික රසායනික සංයෝග ඔක්සිකරණයට භාජනය කිරීමෙන් ලබාගන්නා ශක්තිය උපයෝගි කරගනිමින් පෝෂක ද්‍රව්‍ය සංශ්ලේෂණය සිදු කරයි.
ප්‍රභා විෂමපෝෂි ක්ෂුද්රජීවීන් කාබන් ප්රභවය ලෙස කාබෝහයිඩ්රේට්, මධ්‍යසාර, මේද අම්ල සහ කාබනික අම්ල යොදා ගනී. ශක්ති ප්රභවය ලෙස සූර්යාලෝකය උපයෝගි කර ගනිමින් පෝෂණ ද්‍රව්‍ය සංස්ලේශණය කරයි.
පෝෂණ විවිධත්වය අතින් බැක්ටීරියා සත්ත්ව හෝ ශාක ප්‍රජාව අභිබවා සිටී. එනම් බැක්ටීරියා අතර රසායන විෂමපෝෂි, ප්‍රභා ස්වයංපෝෂි, රසායන ස්වයංපෝෂි සහ ප්‍රභා විෂමපෝෂි යන පෝෂණ ක්‍රම සියල්ලම දැකිය හැකි ය. රසායනික ස්වයංපෝෂි සහ ප්‍රභා විෂමපෝෂි පෝෂණ ක්‍රම දැකිය හැක්කේ බැක්ටීරියා කාණ්ඩ කීපයක පමණී.