ක්‍ෂුද්‍රජීවීන්ගේ පෝෂණ විවිධත්වය
 ක්‍ෂුද්‍රජීවීන් රූපීය විවිධත්වය සේම කායකර්මය අතින් ද කැපී පෙනෙන විවිධත්වයක් පෙන්වති. මෙයින් පෝෂණ විවිධත්වය ප්‍රධාන ය. ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතාව පිණිස ප්‍රයෝජනයට ගන්නා කාබන් ප්‍රභවය සහ ශක්ති ප්‍රභවය අනුව කාණ්ඩ හතරකි.

රසායනික විෂමපෝෂි කාණ්ඩයේ ක්‍ෂුද්‍රජීවීන් කාබනික සංයෝග කාබන් ප්‍රභවය ලෙස ප්‍රයෝජනයට ගන්නා අතර ශක්ති ප්‍රභවය ලෙස කාබනික සංයෝග ඔක්සිකරණය (දහනය) කිරීමෙන් ශක්තිය නිපදවාගනී. සියලුම දිලීර සහ බොහොමයක් බැක්ටීරියා මෙවැනි පෝෂණ ක්‍රමයක් අනුගමනය කරයි. මිනිසා ඇතුළු සියලු ම සත්ත්වයින්ගේ පෝෂණ ක්‍රමය ද වන්නේ මෙය ම වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017