තුන්වන කොටස
  ක්‍ෂුද්‍රජීවීන් ලෙස හඳුන්වන සෛලීය සංවිධානයක් සහිත ජීවීන් සුන්‍යෂ්ටික සහ ප්‍රියෝන ලෙස ප්‍රධාන කාණ්ඩ දෙකකි. මොවුන් අතරින් වඩාත් සංකීර්ණ සෛලීය සංවිධානයක් ඇත්තවුන් සුන්‍යෂ්ටිකයින් ලෙස සත්ව සෛලවලට සමාන සංකීර්ණ සෛලීය ව්‍යුහයක් ඇත්තවුන් ය.

ක්‍ෂුද්‍රජීවීන් අතර සංකීර්ණත්වයෙන් අඩු, සෛලීය සංවිඒානයක් සහිත ජීවීන් ප්‍රාග්න්‍යෂ්ටිකයින් ලෙස හඳුන්වයි. බැක්ටීරියා සහ සයොනොබැක්ටීරියා (නීලහරිත ඇල්ගේ) එවැනි ක්‍ෂුද්‍රජීවීන් ය.

සෛලීය සංවිධානයක් නොමැති වයිරස, ව්‍යුහමය වශයෙන් න්‍යෂ්ටික අම්ල (DNA හෝ RNA) මධ්‍යයකින් හා ඒ වටා පිහිටි ප්‍රෝටීන කොපුවකින් සමන්විත ය. මොවුන් සුන්‍යෂ්ටිකයින් ස ප්‍රාග්න්‍යෂ්ටිකයින් ආසාදනය කරන අතර අනිවාර්ය පරපෝෂි ජීවන රටාවක් අනුගමනය කරති.


(c) Shilpa Sayura Foundation 2006-2017