පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකි වස්තුවක් විද්‍යානුකූලව සනාථ කර ඇත්තේ 0.1mm ප්‍රමාණයට වඩා කුඩා වස්තු (Object) ය. ඒ අනුව ක්‍ෂුද්‍රජීවීන් 0.1mm වලට වඩා අඩු විශාලත්වයකින් යුක්ත ජීවීන් ය.
ඇන්ටන් වෑන් ලීවන් හුක් විසින් නිර්මාණය කරන ලද ආලෝක අන්වීක්ෂය වැඩි දියුණු කර කිසියම් වස්තුවක් දහස් ගුණයකින් (x1000) විශාල කර නිරීක්ෂණය කළ හැකි ආලෝක අන්වීක්ෂ නිර්මාණය කර ඇත.
මෙම ආලෝක අන්වීක්ෂ උපයෝගි කර ගනිමින් ජීවීන්ගේ රූප විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳව ජීව විද්‍යඥායින්ට අවබෝධයක් ලබා ගැනීමට හැකිවිය.
එහෙත් ක්‍ෂුද්‍රජීවී ලෝකයේ සියල්ල ගැන සවිස්තරාත්මක අධ්‍යයනයක් කිරීමට ආලෝක අන්වීක්ෂය ප්‍රමාණවත් නොවන බව පැහැදිලි විය. භෞතික විද්‍යාවේ දියුණුවත් සමඟ 0.2 μm ප්‍රමාණයට වඩා කුඩා වස්තු ආලෝක අන්වීක්ෂයේ උපරිම විශාලත්වයෙන් නිරීක්ෂණය කළ නොහැකි බවයි. මෙනිසා 1930 දශකයේ පමණ සොයාගත් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් (Electron microscope) පියවි ඇසට නොපෙනෙන ඉතා කුඩා ජීවීන්ගේ ප්‍රමාණය මැනීම පිණිස ඉතා කුඩා මිනුම් ඒකක හඳුන්වා දෙනු ලැබීය.