පියවි ඇසින් දැකිය නොහැකි ක්‍ෂූද්‍රජීවීන් පිළිබඳ විමසීමේ දී ඔවුන්ගේ රූප විද්‍යාත්මක (morphological), කායික විද්‍යාත්මක (physiological) සහ අණුක ජීව විද්‍යාත්මක (molecular biological) ලක්ෂණ පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් තිබීම අත්‍යවශ්‍ය ය.
ජෛව ගෝලයේ ක්‍ෂුද්‍රජීවීන්ගෙන් තොර පරිසර පද්ධතියක් නැත. සියලු ශාක සහ සත්ත්ව ප්‍රජාවන් අභිබවා ක්‍ෂුද්‍රජීවීන් ජෛව ගෝලය අතික්‍රමණය කර ඇත.
මෙලෙස ක්‍ෂුද්‍රජීවීන් සර්ව ව්‍යාප්තික වර්ධනයට හේතු වන්නේ ඔවුන්,
* ප්‍රමාණයෙන් ඉතා කුඩා වීම
* ශීඝ්‍ර වර්ධන සහ ප්‍රජනන හැකියාව
* පුළුල් රූපීය සහ කායික විවිධත්වය
* පෝෂණ විවිධත්වය
* මහා ජීවීන් සමඟ අන්තර් සම්බන්ධතා ආදිය නිසාත්,
විවිධ පරිසර තත්ත්ව යටතේ ඊට ගැළපෙන පරිදි අනුවර්තනය වූ ප්‍රජනිතයින් බිහිකිරීමටත් ක්‍ෂුද්‍රජීවීන්ට හැකිවීමයි. මේ නිසඟ හැකියාව පාදක කරගනිමින් නවීන තාක්ෂණය උපයෝගයන් සඳහා ක්‍ෂුද්‍රජීවීන් යොදාගැනීම අතිශයින් සාර්ථක වී ඇත.