නාගරික අපද්‍රව්‍ය මගින් ජීව වායු නිෂ්පාදනය සහ එහි තාක්ෂණය
 කාබනික ද්‍රව්‍ය නිර්වායු බැක්ටීරියා මගින් වියෝජනය වීමේදී ජීව වායුව නිපදවෙයි. එනම් කාබනික ද්‍රව්‍ය ඔක්සිජන් රහිත හෝ ඔක්සිජන් ඉතා ම අඩු පරිසරයක පැවතීමේ දී නිර්වායු බැක්ටීරියා ඒ මත ක්‍රියා කිරීමෙන් මෙතේන් වායුව නිපදවෙයි. මෙම මෙතේන් වායුව ජීව වායුව ලෙස ද හඳුන්වයි. ජීව වායුව නිපදවීම සඳහා දිරායන නාගරික අපද්‍රව්‍ය ඔක්සිජන් අවම (වායුරෝධක) පරිසරයක තිබෙන්නට සලස්වා පිටවන වායුව එක්කර ගත යුතු ය. මෙම කාර්යය සඳහා ජීව වායු ජනක (biogas reactors) භාවිත කරයි.

මෙහි දී නාගරික අපද්‍රව්‍ය තුළින් වෙන් කළ දිරායන අපද්‍රව්‍ය ටැංකියක ගබඩා කරයි. ටැංකියට ඔක්සිජන් ඇතුළු වීම වැළැක්වීමට වායුරෝධක තත්ත්ව යටතේ පවත්වා ගත යුතු යි. එසේ ම ජීව වායු ජනකයට අපද්‍රව්‍ය එක් කිරීමේ දී සහ ඉවත් කිරීමේ දී වායුරෝධක තත්ත්වය නොබිඳෙන පරිදි අපද්‍රව්‍ය ඇතුළු කළ හැකි සහ ඉවත් කළ හැකි යාන්ත්‍රණයක් ද ජීව වායු ජනකයට තිබිය යුතු ය.
(c) Shilpa Sayura Foundation 2006-2017