කොම්පොස්ට්වල ගුණාත්මකභාවය
 කොම්පොස්ට්කරණය යනු වාතනය, තෙතමනය සහ උෂ්ණත්වය ප්‍රශස්තව පවත්වා ගනිමින් කාබන් ද්‍රව්‍ය අර්ථ වියෝජනයට ලක් කිරීමයි. මෙහි දී අදාළ කාබනික ද්‍රව්‍ය තුළ ඇති කාබනික ද්‍රව්‍යවලින් කොටසක් කාබන් ඩයොක්සයිඩ් බවට පත්වන අතර, වඩාත් සංකීර්ණ කාබනික අණු වඩාත් සරල කාබනික අණු බවට පත් වෙයි.

එසේ ම අදාළ සංකීර්ණ කාබන් අණු තුළ බැඳි සංයෝග වී තිබුණු නයිට්රජන්, පොස්පරස්, සල්ෆර්, වඩාත් සරල නයිට්‍රේට් පොස්පේට් සහ සල්ෆේට් අයන බවට පත්වෙයි. එසේ ම ශාක ශෛල තුළ තිබූ පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම් යන වෙනත් ක්ෂුද්‍ර මූල ද්‍රව්‍ය සෛල පටල වියෝජනය වීම නිසා නිදහස් ජල ද්‍රාවිත අයන බවට පත්වෙයි.

කොම්පොස්ට් සෑදීමේ දී අදාළ මිශ්‍රණයේ කාබන් සහ නයිට්රජන් අනුපාතය ගුණාත්මක කොම්පොස්ට් සෑදීමට උපකාරි වෙයි. සාමාන්‍යයෙන් C/N අනුපාතය 30:1 50:1 අතර අනුපාත සහිත කොම්පොස්ට් මිශ්‍රණය ගුණාත්මක කොම්පොස්ට්වල ප්‍රධාන ලක්ෂණයකි. කාබන් ප්‍රමාණය අධික ද්‍රව්‍ය වන්නේ වඩාත් කොළ පාටින් යුතු අමු ශාකයි.

වියෝජනයේ දී කාබන් නයිට්රජන්වලට වඩා වේගයෙන් වියෝජනය වන බැවින් C/N අනුපාතය ඉහළ යයි. නාගරික අපද්‍රව්‍යවල අමු ශාක කොටස් ඉතා අඩු වූවත් සත්ත්ව අපද්‍රව්‍ය තිබිය හැකි ය. මේ නිසා නාගරික අපද්‍රව්‍ය මගින් නිපදවන කොම්පොස්ට්වල ගුණාත්මක භාවය C/N අනුපාතය අනුව සැලකූ කළ ඉහළ යයි. එසේ ම සත්ත්ව අපද්‍රව්‍ය කොටස්වල අධික නයිට්රජන් ප්‍රමාණයක් අඩංගු වේ. මේවා මඟින් C/N අනුපාතය අධික කොම්පොස්ට් නිපදවා ගත හැකි ය.
(c) Shilpa Sayura Foundation 2006-2017