කොම්පොස්ට් නිෂ්පාදනය
 කාබනික ද්‍රව්‍ය වේගයෙන් වියෝජනය කිරීමට බැක්ටීරියාවලට අධිකව ඔක්සිජන් අත්‍යවශ්‍ය වන අතර ම ප්‍රශස්ත තෙතමනයක් මෙන් ම ප්‍රශස්ත උෂ්ණත්වයක් ද අත්‍යවශ්‍ය වෙයි. කාබනික ද්‍රව්‍ය ගොඩගසා තැබීමේ දී අභ්‍යන්තර ප්‍රදේශවලට වාතාශ්‍රය නොලැබෙන අතර අපද්‍රව්‍ය ගොඩේ පීඩනය සහ අධික බැක්ටීරියා ක්‍රියාකාරිත්වය හේතුවෙන් ඇතුළත උෂ්ණත්වය ඉහළ යයි.

මේ හේතුවෙන් කොම්පොස්ට් ගොඩේ ඇතුළත බැක්ටීරියා ක්‍රියාකාරිත්වය අඩපණ වෙයි. මේ නිසා කොම්පොස්ට් මිශ්‍රණය වරින්වර පෙරළීම සිදු කළ යුතු අතර වියළී ඇත්නම් ජලය එක්කිරීම ද කළ යුතු යි. එසේ ම වියෝජනය අධික වීමට ද ඉඩ නොදිය යුතු ය. වියෝජනය අධික වුවහොත් කාබනික ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් කාබන් ඩයොක්සයිඩ් බවට පත් වීමෙන් ලැබෙන කොම්පොස්ට් ප්‍රමාණය අඩු වෙයි.
(c) Shilpa Sayura Foundation 2006-2017