නාගරික ඝන අපද්‍රව්‍යවල සංයුතියෙන් වැඩි ප්‍රමාණයක් දිරා යන අපද්‍රව්‍ය වෙයි. දිරායන අපද්‍රව්‍ය යනුවෙන් හැඳින්වෙන්නේ ජලයේ සහ පසේ ජීවත්වන බැක්ටීරියා මගින් කෙටිකාලයක් තුළ දී වියෝජනයට ලක් කළ හැකි අපද්‍රව්‍ය වෙයි. මෙම අපද්‍රව්‍ය තුළ ප්‍රධාන වශයෙන් ම අඩංගු වන්නේ කාබනික ද්‍රව්‍යයයි.
මෙම කාබනික ද්‍රව්‍ය ආහාර කොටස්, සත්ත්ව කොටස්, ශාක කොටස්, මිනිස් සහ සත්ත්ව බහිස්ස්‍රාවීය ද්‍රව්‍ය ලෙස ඝන අපද්‍රව්‍ය තුළ පවතී. මෙම ද්‍රව්‍ය තුළ ඉහත කාබනික ද්‍රව්‍ය පිෂ්ටය, සීනි වර්ග, ප්‍රෝටීන, තෙල් සහ මේද, සෙලියුලෝස්, ලිග්නීන්, ටැනීන් සහ වර්ණක ආදී ජෛව රසායනික අණු ලෙස පවතී.
මෙම සියලු ජෛව රසායනික ද්‍රව්‍යය ක්ෂුද්‍ර ජීවීන්ට ඉතා හොඳ පෝෂක ද්‍රව්‍ය වෙයි. එනිසා ක්ෂුද්‍ර ජීවීන් (ප්‍රධාන වශයෙන් බැක්ටීරියා) මෙම ද්‍රව්‍ය පූරණ ලෙස හෝ අර්ධ ලෙස ජීර්ණයට ලක් කර තම ශක්ති අවශ්‍යතා සපුරා ගනී.