පාරජම්බුල කිරණ (UV) භාවිතය
 පාරජම්බුල කිරණවල ඇති අධික ශක්තිය හේතුවෙන් බැක්ටීරියා එම කිරණවලට නිරාවරණය වූ විට ක්ෂණිකව මිය යයි. පාරජම්බුල කිරණ මගින් ජල ජීවාණුහරණය සිදු කිරීම වඩාත් ලාභදායි මෙන්ම පහසු ම ක්‍රමය වෙයි. නමුත් මහ පරිමාණයේ ජල පිරිපහදු පද්ධතියක් UV කිරන යොදා ජීවානුහරණය කිරීමේ ප්‍රායෝගික දුෂ්කරතා පවතී.

එසේම මෙම කිරණ ශරීරයට නිරාවරණය වීම ඉතා ම හානිදායක වන අතර නිරාවරණය වීමෙන් ජාන විකෘතිතා සහ පිළිකා ඇතිවීමේ අවදානමක් පවතී. එසේ ම ජලයේ ඇති ක්ෂුද්‍ර ජීවීන් මෙම කිරණවලට අර්ධ වශයෙන් නිරාවරණය වීමෙන් විනාශ නොවී ඔවුන්ගේ ජාන විකෘතිතා ඇති වී වඩාත් ප්‍රතිරෝධි ප්‍රභේද ඇතිවීමේ අවදානමක් ද පවතී.
(c) Shilpa Sayura Foundation 2006-2017