ඕසෝනීකරණය
 මෙම ක්‍රමයේ දී ඕසෝන් වායුව ඉතා උස් ජලය සහිත කුලුනක් තුළ දී පහළ සිට ඉහළම බුබුළනය කෙරෙයි. ඕසෝන් ඉතාම ප්‍රතික්‍රියාශීලි වායුවක් නිසා බැක්ටීරියා හොඳින් විනාශ වෙයි. එසේ ම ඕසෝන් මඟින් ජල ජීවාණුහරණ අතුරු ඵල සෑදීම ඉතා අඩු ය. එසේ ම ඕසෝන් වෛරසයද විනාශ කරයි.

ඉතා අධික ප්‍රතික්‍රියාශීලිතාව හේතුවෙන් ඕසොන් ගබඩා කරගත නොහැකි අතර පාවිච්චි කරන අවස්ථාවේ දී ම නිපදවා ගත යුතු වෙයි. මෙය ඕසෝනකරණයේ ප්‍රධානම අවාසිය වෙයි. එසේ ම ඕසොන් ජලයේ දියවීම ඉතා අඩු බැවින් බුබුළනය හොඳින් සිදුකර ගැනීමට බුබුළන කුලුනු භාවිත කරයි.
(c) Shilpa Sayura Foundation 2006-2017