ක්ලොරිනීකරණය
  මෙහි දී ජලය තුළට ක්ලෝරින් වායුව බුබුලනය කිරීම මගින් ක්ලෝරිනීකරණය සිදු කරයි. මෙම ක්ලොරින් වායුව ජලය සමඟ ප්‍රතික්‍රියාකර HOCI නිපදවයි. මෙම HOCI ජලයේ දී වියෝජනය වී OCI- (හයිපොක්ලෝරස් අයනය) සෑදෙයි.

HOCI හෝ OCI- අයන නිදහස් ක්ලොරීන් (free chlorine) ලෙස හඳුන්වයි. මෙම නිදහස් ක්ලොරීන් අධික ප්‍රතික්‍රියාශීලි වන අතර ක්ෂණ්කව බැක්ටීරියා විනාශ කරයි. නමුත් ක්ලොරීන් වායුව අධික විඛාදක ගුණ ඇති වායුවක් වන අතර ප්‍රවාහනය ද තරමක් අන්තරාකාරී වෙයි. එම නිසා අප රටේ ජලය ක්ලොරිනීකරණය කිරීම කරන්නේ හයිපොක්ලොරස් අයනය සහිත ලවණ භාවිත කිරීම මගිනි. ඒ සඳහා සෝඩියම් හයිපොක්ලෝරයිඩ් අයනය සහිත ලවණ භාවිත කිරීම මඟිනි. ඒ සඳහා සෝඩියම් හයිපොක්ලෝරයිඩ් (NaOCI) සහ කැල්සියම් හයිපොක්ලෝරයිඩ් Ca(OCI)2 භාවිත කරයි.
(c) Shilpa Sayura Foundation 2006-2017