තෘතීයික ජල පිරියම්කරණය
 ද්විතීයික ජල පිරියම්කරණයේ දී ජලයේ පවතින BOD සඳහා හේතු වන කාබනික ද්‍රව්‍ය බොහෝ සෙයින් ඉවත් වෙයි. නමුත් ඉතා කුඩා බැක්ටීරියා කොලනි පැවතිය හොත් එම කොලනි සහ වෙනත් ද්‍රව්‍ය ජලයේ අවම්භනය වී පැවතීමට ඉඩ ඇත. මෙම අවලම්භිත කොලනි සහ අංශු ඉවත් කිරීමට කැටිකාරක ද්‍රව්‍ය යොදාගනියි. මේ සඳහා ඇලුමිනියම් සල්පේට් හෝ බහු අවයවික විද්‍යුත් විච්ඡේදක යොදා ගනි.

ජලයේ පවතින බැක්ටීරියා මගින් වියෝජනය කළ හැකි කාබනික ද්‍රව්‍ය ඉවත් කළ පසු ඉතිරි වන්නේ ජලයේ ද්‍රාවීය ලවණ වර්ග සහ විෂදායි කාබනික සංයෝග වෙයි. මෙම විෂදායි කාබනික සංයෝග අතරට ක්ලෝරිනීකෘත කාබනික සංයෝග, පියුරන් වර්ග, ඩයොක්සීන යන බහු චක්‍රීය ඇරෝමැටික සංයෝග අයත් වෙයි. ද්‍රාවිත ලවණ අතරට බැර ලෝහ අයන සහ සුපෝෂක ද්‍රව්‍ය වන නයිට්‍රේට, පොස්ෆේට ආදිය ද අයත් වෙයි.
(c) Shilpa Sayura Foundation 2006-2017