සක්‍රියකරණය කරන ලද බොර ක්‍රියාවලිය (activated sludge process)
 මෙම ජෛව ප්‍රතික්‍රියා ක්‍රියාවලියේ දී බැක්ටීරියා ස්තරයක් ලෙස වර්ධනය නොකරන අතර විශාල ටැංකියක් තුළ අපජලය තුළ ම කැදලි ලෙස වර්ධනය වීමට සලස්වයි. වාතනය කිරීම, වාතය ටැංකිය වෙත පොම්ප කිරීමෙන් හෝ අපජලය කැලතීම මගින් සිදුකරයි.

ටැංකිය තුළ අපජලය බැක්ටීරියා සීමාකාරි අවස්ථාව පනවන තුරු එනම් අපජලයේ ඇති කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය ඉතා අඩු මට්ටමකට පැමිණෙන තුරු අපජලය ටැංකිය තුළ තබා ගනී. ඉන් අනතුරුව බැක්ටීරියා සහිත ජලය දෙවන ටැංකියට යැවීමට සලස්වා බැක්ටීරියා කොලනි ජලයෙන් පෙරා වෙන්කර ගනී. මෙසේ වෙන්කර ගත් බැක්ටීරියා කොලනි වලින් යම් ප්‍රමාණයක් පළමු ටැංකියට පොම්ප කරයි.

මෙසේ පොම්ප කරගත් බැක්ටීරියා තම පෝෂක ද්‍රව්‍ය සීමා වූ අවස්ථාවේ වෙන් කරගත් බැවින් ඔවුන් පෝෂක ද්‍රව්‍ය සඳහා අධික ඉල්ලුමකින් නැතහොත් කුසගින්නේ පසුවෙයි. මෙම බැක්ටීරියා අපජලය සහිත ටැංකියට පොම්ප කළ විට ඉතා අධික වේගයකින් අපද්‍රව්‍ය වියෝජනයට ලක් කරයි. මෙම ක්‍රමයේ දී අපද්‍රව්‍ය වියෝජනය වන වේගය අනෙක් ක්‍රම දෙකට වඩා වේගවත් වෙයි. නමුත් කෘත්‍රීම ලෙස වාතනය කිරීමට සිදු වීම සහ බැක්ටීරියා යම් ප්‍රමාණයක් නැවත පොම්ප කිරීමට සිදු වීම හේතුවෙන් බලශක්තිය අධිකව වැය වන ක්‍රියාවලියකි.
(c) Shilpa Sayura Foundation 2006-2017