ඉවතලන අපජලය තිබිය යුතු උපරිම අපද්‍රව්‍ය ප්‍රමාණ
 අපජලය කෙළින්ම හෝ පිරියම් කර බැහැර කිරීමේ දී අදාළ අපද්‍රව්‍යයේ තිබිය යුතු උපරිම දූෂක ද්‍රව්‍ය ප්‍රමාණය බොහෝ රටවල නීතිගත කර ඇත. මේ හේතුවෙන් අපජලය පිරියම් කිරීමේ දී අදාළ දූෂක ද්‍රව්‍ය මට්ටම නීතිගත කර ඇති උපරිම අගයට වඩා අඩු අගයක් බවට පත්වන ආකාරයට පිරියම් කළ යුතු ය.

මෙම උපරිම දූෂක ද්‍රව්‍ය ප්‍රමාණය ජලය බැහැර කරන ආකාරය එනම් අභ්‍යන්තර ජලාශයකට ද මුහුදට ද නැතහොත් ගොඩබිමටද යන ආකාරයට සහ අදාළ කර්මාන්තය අනුව ද වෙනස් වෙයි. අප ජලය පිරියම්කරණය පියවර තුනකින් සිදු කරයි.
(c) Shilpa Sayura Foundation 2006-2017