අපජලය පිරියම්කරණය
 බොහෝ කාර්මික ක්‍රියාවල දී ජලය ද්‍රාවකයක් වශයෙන් ද යොදා ගනී. මෙසේ කුමන ආකාරයකට ජලය යොදාගත්ත ද අවසානයේ එම ජලය අදාළ ක්‍රියාවලියෙන් ඉවත් කිරීම සිදු කරයි. මෙම අපජලය තුළ විවිධ ද්‍රව්‍ය දිය වී හෝ අවලම්භනය වී පවතී. පහත දක්වා ඇත්තේ අපජලයේ පැවතිය හැකි ද්‍රව්‍යයන්ය.

1. ඝනඅවලම්භිත සහ පාවෙන ද්‍රව්‍ය
2. ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුමට දායක වන ක්ෂුද්‍ර ජීවීන් මගින් වියෝජනය කළ හැකි කාබනික ද්‍රව්‍ය (ප්‍රෝටීන්, පිෂ්ඨය, ආහාර කොටස්, සත්ත්ව කොටස් ආදිය)
3. ජලයේ දිය වූ අකාබනික ද්‍රව්‍ය
4. විෂදායී කාබනික සංයෝග ක්ලොරිනීතිකෘත හයිඩ්‍රොකාබන, බහුචක්‍රිය ඇරෝමැටික සංයෝග, බහුක්ලොරීනිකෘත බයිපෙනිල, ඩයොක්සීන්, පියුරූන් පළිබෝධ නාශක වැනි සංයෝග
5. ආම්ලික හෝ භාෂ්මික ද්‍රව්‍ය
6. රෝග ඇතිකරන බැක්ටීරියා සහ වෛරස් වැනි ක්ෂුද්‍රජීවීන්
7. ජලයේ ද්‍රාවිත විෂදායී වායු වර්ග හයිඩ්‍රජන් සල්ෆයිඩ, ඇමෝනියා ආදිය

ජලය පිරියම්කරණයේ දී ඉහත සඳහන් සියලුම ද්‍රව්‍ය ඉවත්වන ආකාරයට පිරියම් කිරීමේ ක්‍රමවේද යොදා ගැනීමෙන් වඩාත් පිරිසිදු ජලය ලබාගැනීම අරමුණු කරයි.
(c) Shilpa Sayura Foundation 2006-2017