Recycle - ප්‍රතිචක්‍රීයකරණය
 ප්‍රතිචක්‍රීයකරණයේ දී සිදුකෙරෙන්නේ අදාළ භාණ්ඩය භාවිතයෙන් පසු එනම් එහි සේවා ආයුකාලය ඉක්මවීමෙන් පසු අදාළ භාණ්ඩයේ ඇති අමුද්‍රව්‍ය යොදගෙන එම පළමු නිෂ්පාදනය හෝ වෙනත් නිෂ්පාදනයක් සිදු කිරීමයි. මෙහි දී අදාළ භාණ්ඩය නිෂ්පාදනයට යොදා ගත් අමුද්‍රව්‍ය චක්‍රීයව නැවත නැවත යොදා ගැනීම සිදුකරයි.

නිදසුන් :-
පාවිච්චි කර ඉවත දමන ලෝහ භාණ්ඩ උණු කර පිරිපහදු කර නැවත එම ලෝහ භාණ්ඩයට හෝ වෙනත් ලෝහ භාණ්ඩ නිෂ්පාදනය භාවිත කිරීම.
(c) Shilpa Sayura Foundation 2006-2017