මෙහි දී අපද්‍රව්‍ය ජනනය අවම කිරීම සඳහා නිෂ්පාදනයේ දී අමුද්‍රව්‍ය අවම ලෙස භාවිත කිරීම අදහස් කරයි. අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් භාවිත කිරීම මගින් පුටවන අපද්‍රව්‍ය ප්‍රමාණය ද අඩු කරගත හැකි ය.
නිදසුන් :-
* සාමාන්‍ය CFL බල්බ වෙනුවට LED බල්බ භාවිතය
මෙමගින් භාවිත කිරීමේ දී වැය වන විදුලි ඒකක ප්‍රමාණය අඩුකර ගත හැකි වන අතරම CFL බල්බ සඳහා භාවිත කරන අතිශය විෂදායි බැරලෝහයක් වන රසදිය භාවිතය නැවැත්විය හැකි ය.
* ආවරණ දෙකක් හෝ වැඩි ගණනක් සහිත පාරිභෝගික භාණ්ඩ (කිරිපිටි, දන්තා ලේප, සබන්) වෙනුවට එක් ආවරණයක් සහිත විකල්ප අසුරන යොදා ගැනීම.
* භාණ්ඩ ඇසුරුම් සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීම. ඇසුරුම් යනු භාවිතයේ දී සම්පූර්ණයෙන් ම ඉවතලන ද්‍රව්‍යයක් වීම හේතුවෙන් ඒවා නිපදවීමේ දී අඩු ඝනකම්වලින් නිපදවීමෙන් අපද්‍රව්‍ය ජනනය අවම කරගත හැකි ය. උදාහරණ :- කිරිපිටි ටින්, පලතුරු බීම, කාඩ්බෝඩ් අසුරණ
* පරිසරයට හානිදායක අමුද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන භාවිතය අවම කිරීම.
1. පොස්ෆේට් සහ ඇමෝනියා අඩංගු පිරිසිදුකාරක භාවිතය අඩු කිරීම
2. LED බල්බ භාවිතය
* ජල භාවිතය අවම උපකරණ භාවිතය
රෙදි සෝදන යන්ත්‍ර, වැසිකිලි කොමෝඩ සඳහා අවම ජල ප්‍රමාණයක් භාවිත කිරීම. රබර් කිරි කැටිගැසීමට යොදන ඇසිටික් අම්ලය අවම ප්‍රමාණය භාවිතයෙන් පිටවන අපජලයේ ආම්ලිකතාව අවම ව පවත්වාගෙන යාම.
* බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ උපකරණ භාවිතය
සාමාන්‍ය වායුසමීකරණ සහ ශීතකරණ වෙනුවට ඉන්වර්රට් තාක්ෂණය සහිත ශීතකරණ සහ වායු සමීකරණ භාවිතය.
සාමාන්‍ය උදුන් ආශ්‍රිත පිසීම් වෙනුවට පීඩන උඳුන් සහ ක්ෂුද්‍ර තරංග උඳුන් භාවිතය.