ශ්රී ලංකාවේ ද වර්ෂාපතනය අඩු වීම් අත්දැක ඇත. මීට දශක දෙකකට පමණ ඉහත සෑම වසරකට ම වරක් නිරිත දිග මෝසම් කාලයේ දී කැලණි ගඟ, කළු ගඟ, ගිං ගඟ ආශ්රිතව ගංවතුර තත්ත්ව තිබුණි. නමුත් පසුගිය දශකය තුළ මෙම ගංගාවල ඇති වූ ගංවතුර තත්ත්වයන් ඉතා අඩු වූ අතර සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් වාර්තා වී නැත.
එසේ ම නිරිතදිග මෝසමෙන් කඳුකරයට ලැබෙන වර්ෂාපතනය මහවැලි ගඟ ඔස්සේ වියළි කලාපයේ ලොකු කුඩා සියලු වැව් පුරවා යල කන්නයේ වී වගාවට භාවිත කරයි. මෙම ජල ප්රමාණය මීට පෙර මුළු වියළි කලාපයේ ම වගා සඳහා ප්රමාණවත් වී නමුත් පසුගිය වසර කිහිපයේ ම ලැබුණු වර්ෂාපතනය ඒ සඳහා ප්රමාණවත් නොවීය.
මේ හේතුවෙන් ගොවිබිම් විශාල ප්රමාණයක් පාළු වීමෙන් ගොවි ආර්ථිකය මෙන් ම කලාපයේ ජන ජීවිතයට ද බලපෑම් එල්ල විය. මෙවැනි තත්ත්ව දේශගුණ වෙනස්වීම් සමඟ බද්ධ වී ඇති බවට අනුමාන කළ හැකි ය.