ටොනාඩෝ සහ සුළි කුණාටු නිසා වන බලපෑම
 ප්‍රබල ටොනාඩෝ සුළි කුණාටුවක් පැයට කිලෝමීටර 200-300 වේගයකින් සුළං භ්‍රමණය වෙයි. මේ අනුව ටොනාඩෝ සුළි කුණාටුවක් මඟින් යම් කුඩා ප්‍රදේශයක එනම් වර්ග කිලෝමීටර් 1-5 අතර ප්‍රදේශයක ඇති සියලු දේපළ ගහකොළ සම්පූර්ණයෙන් ම විනාශ කර දැමිය හැකි ය. එසේ ම ජීවිත විනාශය ද බහුලව සිදු වෙයි. පෘථිවිය උණුසුම් වීම හේතුවෙන් ටොනාඩෝ සුළි කුණාටුවල ප්‍රබලතාව මෙන් ම ඒවා ඇති වන වාර ගණන වැඩි වී ඇත.

මෙම සුළි කුණාටුවක් ඇතිවීමට නම් වේගයෙන් හමන සුළං ප්‍රවාහ දෙකක් එක්ව මුණගැසී එකක් මත එකක් ඇඹරිය යුතු ය. මෙසේ සිදුවන්නේ ලෝකයේ යම් නිශ්චිත ප්‍රදේශයක පමණී. උතුරු ඇමෙරිකාවේ මධ්‍ය බටහිර තැනිතලාව ටොනාඩෝ සුළඟ බහුලව ඇතිවන ප්‍රදේශයකි.
(c) Shilpa Sayura Foundation 2006-2017