දේශගුණ වෙනස් වීම හේතුවෙන් මිනිසාට සිදුවන අන්තගාමි බලපෑම
 පෘථිවි උණුසුම ඉහළ යාම හේතුවෙන් පෘථිවියේ ශක්ති සංතුලන විතැන් වෙයි. පෘථිවිය විවිධ ප්‍රදේශවල කාලාන්තරයක් තිස්සේ පැවත එන දේශගුණ රටාවලට හේතුව මෙම ශක්ති සංතුලනය යි. එනම් මෙම ශක්ති සංතුලනයේ වෙනස් වීම දේශගුණ රටා වෙනස් වීමට කෙළින් ම හේතුවෙයි. මෙම දේශගුණ රටා ඔස්සේ පෘථිවියේ විවිධ ප්‍රදේශවල ජන ජීවිතයට තදින් බද්ධ වී පවතී.

එනම් දේශගුණ වෙනස් වීම් හා බද්ධ වී ඇති ජන ජීවිතවලට තදින් ම බලපායි. එසේ ම පෘථිවියේ ජීවත් වන බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ජීවීන්ගේ සිට අලි කොටි වලසුන් සහ පක්ෂීන් වැනි මහා ජීවීන් දක්වා සියලු ම ජීවීන්ගේ ව්‍යාප්තිය සහ චර්යා රටා මෙම දේශගුණ රටා සමඟ තදින් බැඳි පවතී. එනම් දේශගුණ රටාවේ සිදුවන වෙනස් වීම් මෙම සියලු ජීවීන්ට ද බලපායි.
(c) Shilpa Sayura Foundation 2006-2017