පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වයේ වැඩි වීම
  ජලවාෂ්ප, කාබන් ඩයොක්සයිඩ්, මෙතේන් වැනි හරිතාගාර වායු අප පෘථිවි වායුගෝලයේ පැවතීම පෘථිවියේ උෂ්ණත්වය තීරණය කරන ප්‍රධාන සාධකයයි. මෙම වායුන්ගේ ස්වභාවික සංයුතිය හේතුවෙන් පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 14-15 පමණ අගයක පවතී.

පෘථිවි උෂ්ණත්වය සමකය ආසන්නයේ දී ඉහළ උෂ්ණත්වයක් (300 - 400C) ධ්‍රැවාසන්න ප්‍රදේශවල දී ඉතා අඩු උෂ්ණත්වයක් පවතී (-300 - 600C). පසුගිය වසර100ක පමණ කාල තුළ පෘථිවියේ උෂ්ණත්වයේ සාමාන්‍ය අගය සෙල්සියස් අංශක 0.85 කින් පමණ වැඩි වී ඇතැයි සොයාගෙන ඇත. මෙම වැඩිවීම 1950 ට පසුව සෙල්සියස් අංශක 0.55 කින් පමණ වැඩි වී ඇත. මේ අනුව 1750 එනම් කාර්මික විප්ලවය ආරම්භයේ සිට ආරම්භ වූ මෙම උෂ්ණත්වය වැඩිවීමේ සීඝ්‍රතාව දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇති වූ තාක්ෂණික හා කෘෂිකාර්මක පුනරුදයත් සමේ වේගයෙන් වැඩි වී ඇත.

පසුගිය වසර 150ක කාල පරාසය සැලකූ විට පෘථිවි උෂ්ණත්වයේ වැඩි වීමේ වේගය දශකයකට සෙල්සියස් අංශක 0.045කි. මේ අනුව පසුගිය වසර 150 කාලයේ තුළම පෘථිවි උෂ්ණත්වයේ වැඩිවීම (2005 දක්වා) සෙල්සියස් අංශක 0.68කි. නමුත් ආසන්න වර්ෂ 25 සැලකී විට පෘථිවි උෂ්ණත්වයේ වැඩි වීම දශකයකට සෙල්සියස් අංශක 0.18 ලෙස වැඩි වී ඇත. එනම් පසුගිය වර්ෂ 25 තුළ (2005 දක්වා) පමණක් පෘථිවියේ උෂ්ණත්වඋය වැඩිවීම සෙල්සියස් අංශක 0.45 පමණ වෙයි. මේ අනුව වර්තමානය පෘථිවි උෂ්ණත්වය ඉතා වේගයෙන් වැඩිවෙමින් පවතින බව වැටහේ.
(c) Shilpa Sayura Foundation 2006-2017