කාර්මික විප්ලවයට පසු හරිතාගාර වායුන්ගේ සංතතික වැඩි වීම
  පෘථිවි ගෝලයේ ඇති ප්‍රධාන හරිතාගාර වායු ලෙස ජල වාෂ්ප (H2O) කාබන් ඩයොක්සයිඩ් (CO2) මෙතේන් (CH4) නයිට්‍රස් ඔක්සයිඩ් (N2O) හා ක්ලෝරෝ පිලුවොරො කාබන්, (CFC) සහ හයිඩ්‍රොප්ලුවොරෝ කාබන් (HFC) යන වායු හඳුනාගෙන ඇත.

ෆොසිල ඉන්ධන දහනය ජෛව ඉන්ධන දහනය සහ වනාන්තර විනාශය හේතුවෙන් වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතු වන ප්‍රධාන මානව ක්‍රියාකරකම් වෙයි. සත්ත්ව පාලනය, වී වගාව වැනි වගුරු බ්ම් ආශ්‍රිත කෘෂි කර්මාන්තය, සක්‍රමවත්ව ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම, මෙතේන් වායුගෝලයට එකතු වන ප්‍රධාන මානව ක්‍රියාකාරකම් වෙයි. නයිට්රජන් අඩංගු පොහොර අධිකව භාවිතය නයිට්‍රස් ඔක්සයිඩ් වායුගෝලයට එක්වන මිනිස් ක්‍රියාකාරකම් වෙයි. CFC හා HFC වායුන් වායුගෝලයට එක් වන මිනිස් ක්‍රියාකාරකම් වන්නේ ශීතකරණ සහ වායු සමන යන්ත්‍ර සිසිලන වායු ලෙස යොදා ගැනීම වෙයි.

කාර්මික විප්ලවයත් සමඟ ඉහත මානව ක්‍රියාකාරකම් අධික වීම හේතුකොට වායුගෝලයට හරිතාගාර වායු එකතු වීම ක්‍රමයෙන් වැඩි විය. දෙවන ලෝක යුද්ධයෙන් පසු මෙම ක්‍රියාකාරකම් තවදුරටත් සීඝ්‍රයෙන් වර්ධනය වූ අතර අසූව දශකයේ මැද භාගයෙන් පසුව ආසියාවේ ඇතිවූ ආර්ථික පුනරුදය සමඟ මෙම ක්‍රියාකාරකම් සීඝ්‍රලෙස වර්ධනය විය. මේ හේතුවෙන් හරිතාගාර වායුන් අධික ලෙස වායුගෝලයට එකතු වූ අතර මෙම හරිතාගාර වායු ඉවත් කිරීමට ස්වභාවික චක්‍රවල ඇති යාන්ත්‍රණවල වේගය ප්‍රමාණවත් නොවීම නිසා එම වායුන්ගේ සංයුතිය වායුගෝලයේ සංසතිකව ඉහළ නගිමින් පවතී.
(c) Shilpa Sayura Foundation 2006-2017