ක්‍රි.ව. 368-410
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු. 42 යි)
බුද්ධදාස රජුගේ දෙටුතිස් උපතිස්‌ස කුමාරයා රජ වී සිවුසඟරාවතින් ජනයා සතුටු කෙළේය. අත්තනගල්ලේ අලංකාර ප්‍රාසාදයක් කරවා එය රත්රන් ගාන ලද තඹ උළුවලින් සෙවිලි කරවීය. රජුගේ මහානාම නම් සහෝදරයාට ඇලුම්ව සිටි දේවියක් ආයුධයකින් මේ රජු අස්‌ථානයෙහි මැරුවාය.
