දේශගුණික රටාවල ස්වභාවික වෙනස් වීම්
  දේශගුණ රටා යම්ව ර්ෂයක කාලයක් තුළ හෝ වර්ෂ කිහිපයකට වරක් ආවර්තිතව සිදුවන්නකි. මෙයට හේතුවන්නේ පෘථිවියේ වායුගෝලයේ සහ පෘථිවි පෘෂ්ඨයේ ඇතිවන ශක්ති තුලනයේ වෙනස් වීමයි. පෘථිවියේ මෙම ශක්ති තුලනය ස්වභාවික ව දීර්ඝ කාලීනව වෙනස්කම්වලට ලක් වෙයි.

නිදසුන් :-
මෙයට වසර 20.000 කට පමණ ඉහත පෘථිවි උෂ්ණත්වය ස්වභාවිකව න පහළ යාම හේතුවෙන් අයිස් යුගයක් ඇති වූ අතර මෙහි දී පෘථිවි උෂ්ණත්වය අංශක 5කින් පමණ අඩු විය. මේ හේතූවෙන් ආක්ටික් ප්‍රදේශවල ඇති අයිස් තට්ටු වඩාත් පහළ අක්ෂාංශ ප්‍රදේශ වලට පැතිරීමෙන් පෘථිවියේ විශාල ප්‍රදේශයක් අයිස්වලින් වැසී පැවතුනි. එහි දී සයිබීරියාව වැනි විශාල තණබිම් ආශ්‍රිතව ජීවත් වූ මැමත් වැනි විශාල සතුන් ආහාර හිඟවීමෙන් වඳ වී ඇති බව සොයාගෙන ඇත.

එසේ ම පෘථිවියේ ඉතා හදිසියේ ඇති වූ දේශගූණ වෙනස් වීමකින් ඩයිනසෝරන් එක්වරම මිය ගොස් ඇතැයි සොයාගෙන ඇත. මෙයට හේතුව ලෙස අනුමාන කර ඇත්තේ විශාල උල්කාෂ්මයක් පෘථිවිය හා ගැටීම නිසා පෘථිවි වායුගෝලයට එක් වූ අධික දූවිලි අංශු පෘථිවුයට පැමිණෙන සූර්ය කිරණ වැඩිපුර පරාවර්තනය කිරීම හේතුවෙන් ශාකවල ආහාර නිෂ්පාදනය අවම වීමයි. මේ නිසා ශාක භක්ෂක ඩයිනොසරන්ට ආහාර හිඟවීමෙන් ඔවුන් මරණයට පත් වී ඇත. ශාක භක්ෂක සතුන් වඳ වීම හේතුවෙන් මාංස භක්ෂක ඩයිනසෝරයන්ට ද ආහාර හිඟවීමෙන් ඔවුන්ද පෘථිවියෙන් කෙටි කාලයක් තුළ වඳ වී යාමට ලක් වුණි.

ධ්‍රැව ප්‍රදේශවල අයිස් තට්ටු අතර හිරවී ඇති වායු බුබුළුවල සංයුතිය හා කාල පරාසය නිර්ණය කිරීම මගින් අදාළ කාල වකවානු තුළ පෘථිවි වායු ගෝලයේ සංයුතිය සහ උෂ්ණත්වය පිළිබඳ දත්ත ලබාගත හැක. මෙම අත්ත අනුව පෘථිවියේ උෂ්ණත්වය වසර 10000 - 125000 කට වරක් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව සොයාගෙන ඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017