බුද්ධදාස
 

ක්‍රි.ව. 339-368
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු. 29 යි)

දෙටුතිස්‌ රජුගේ පුත් බුද්ධදාස රජතෙම විසිනව අවුරුද්දක්‌ දැහැමින් රාජ්‍යය කෙළේය. මෙතෙම වෛද්‍ය ශාස්‌ත්‍රය මනාසේ අවබෝධ කළ රජෙකි. සාරාත්ථි සංග්‍රහ නම් වෛද්‍ය ශාස්‌ත්‍ර පොතද ඔහු විසින් කරන ලද්දේය. මේ රජ ගම් දහයකට වෙදකු බැගින් පත් කරවා කෙත්වලින් ලැබෙන අයෙන් විස්‌සෙන් කොටසක්‌ ඒ වෙඳුන්ගේ වැටුප් පිණිස දෙවුයේය. ඇතුන් අසුන් හා සේනාවට ද වෙඳුන් පත් කෙළේය. මංමාවත්වල දාන ශාලා හා විශ්‍රාම ශාලා ද කරවූයේය.

(c) Shilpa Sayura Foundation 2006-2017