කඨිනත්වය
 ජලයේ අධික කඨිනත්වයට හේතු වන්නේ කාර්මිකව එකතුවන දූෂණකාරකයන්ට වඩා ස්වභාවිකව පසේ ඇතිවන තත්ත්වයන් ය. කඨිනත්වයට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ ජලයේ කැල්සියම්, මැග්නීසියම් යන ලෝහ අයන පැවතීමයි. කඨිනත්වයට හේතු වන කැල්සියම් හා මැග්නීසියම් අයන පසට එකතු වන්නේ කැල්සියම් හා මැග්නීසියම් අඩංගු ඛනිජ මගිනි.

තාවකාලික කඨිනත්වය යනු ඉහත ලෝහ කැටායන සමඟ කාබනේට් හා බයි කාබනේට් අයන එක්ව පැවතීමයි. ජලය රත් කිරීම මගින් තාවකාලික කඨිනත්වය ඉවත් කළ හැකි ය. නමුත් ස්ථිර කඨිනත්වය ඉවත් කිරීමට රසායනික ක්‍රම භාවිත කළ යුතු වෙයි. කඨිනත්වය ප්‍රකාශ කරන්නේ ලීටරයට මිලිග්රෑම් ලෙස හෝ මිලියනයකට කොටස් (ppm) වශයෙනි.

ඒ අනුව දළ වශයෙන් මිලියනයකට කොටස් 150 ට අඩු ජලය මෘදු ජලය ලෙස ද, 150 සිට 200 දක්වා ජලය මධ්‍යස්ථ ජලය ලෙස ද මිලියනයකට කොටස් 300 කට වැඩි ජලය කඨින ජලය ලෙස ද වර්ගීකරණය කරයි.

ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ ඇති ළං සහ ගංගා ඇළ දොළ ඇති ජලයේ කඨිනත්වය බොහෝ විට මිලියනයට කොටස් 100 ට වඩා අඩුවෙයි. නමුත් වියළි කලාපයේ සහ යාපනය අර්ධද්වීපයේ ඇති ජලයේ කඨිනත්වය සමහර අවස්ථාවල දී මිලියනයට කොටස් 300 ද ඉක්මවෙයි.
(c) Shilpa Sayura Foundation 2006-2017