ප්‍රකාශ රසායනික ධූමිකාව අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග
  ප්‍රකාශ රසායනික ධූමිකාවට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ වාහන අපවාතයේ පවත්නා දූෂක ද්‍රව්‍ය වන නයිට්‍රික් ඔක්සයිඩ් සහ නොදැවුණු වාෂ්පශීලි හයිඩ්‍රොකාබන (CxHy) වෙයි. ප්‍රකාශ රසායනික ධූමිකාව ඇතිවීම අවම කිරීමට නම් මෙම ද්‍රව්‍ය දෙක අපවාත මගින් පිටවීම අවම කළ යුතු ය.

නවීන දියුණු කළ එන්ජිම සහිත වාහනවල අභ්‍යන්තර දහනය උපරිම කිරීමට ඔක්සයිඩ් සහ නොදැවුණු හයිඩ්‍රොකාබන ඉවත් කිරීම අරමුණු කරගෙන වාහනයේ අපවාත පද්ධතිය තුළට එක්කර ඇති උත්ප්‍රේරක පරිවර්තන (Catalytic converter) මගින් අපවාතයේ ඇති NO වායුව ඩයිනයිට්ජරන් (N2) වායුව බවටත් හයිඩ්‍රොකාබන් සහ කාබන් මොනොකසයිඩ්, කාබන් ඩයොක්සයිඩ් බවටත් පරිවර්තනය කෙරෙයි. එසේ ම එන්ජිම ක්‍රමවත් ව සූසර කිරීම මගින් ද ප්‍රකාශ රසායනික ධූමිකාවට හේතු වන දූෂක ද්‍රව්‍ය පිටවීම අවම කළ හැකි ය.
(c) Shilpa Sayura Foundation 2006-2017