ඕසොන් වියනට හානි කරන්නේ ක්ලෝරින් සහ බ්‍රෝමීන් මුක්ත ඛණ්ඩයි. මෙම මුක්ත ඛණ්ඩක නිපදවන්නේ ක්ලෝරීන් සහ බ්‍රෝමීන් අඩංගු වාෂ්පශීලි කාබනික සංයෝග මගිනි. විශේෂයෙන් ම ක්ලෝරීන් අඩංගු වාෂ්පශීලි සංයෝග භාවිත කරන්නේ වායුසමීකරණ සහ ශීතකරණවල ශීතකාරක වායු වශයෙනි.
එනම් ඕසෝන් වියනට වන හානිය අවම කිරීමට නම් වායුසමීකරණ සහ ශීතකරණවල භාවිත කරන ක්ලෝරා පිලුවරො කාබන් සහිත ශීතකාරක වායුන් (CFC) භාවිත කිරීම නැවැත්විය යුතු ය. මොන්ට්‍රියෙල් සම්මුතියෙන් එකඟ වූ ලෙස CFC අලුතින් භාවිතය 1996 දී නතර කළේය.
ඒ සඳහා විකල්පයක් ලෙස හයිඩ්‍රොක්ලොරො පිලුවොරො කාබන් (HCFC) භාවිතය හඳුන්වා දුන්නේය. එමගින් ද ඕසොන් වියනට හානි කළ හැකි බැවින් ඊට විකල්පයක් ලෙසින් හයිඩ්‍රොප්ලුවරොකාබන් (HFC) හඳුන්වා දී ඇත. මෙයින් ඕසොන් වියනට කිසිදු හානියක් සිදු නොවන බව සැලකේ.