ලෝක පාරිසරික ගැටළු සඳහා පිළියම් යෙදීම
  ප්‍රධාන පාරිසරික ගැටලු වලට මිනිස් ක්‍රියාකාරකම් හේතු වී ඇතැයි කීමට ප්‍රමාණවත් සාක්ෂි ඇත. ඇතිවෙමින් පවතින දේශගුණික වෙනස්වීම් මෙම පාරිසරික ගැටලු සමඟ සෘජු සම්බන්ධතා පවතින බවට ප්‍රබල විද්‍යාත්මක සාක්ෂි ලැබෙමින් පවතී. විද්‍යාත්මක පාරිසරික පුරෝකථන මගින් ද මේ බව මනාව තහවුරු කර ඇත.

* වසර 2100 දී පෘථිවිය සාමාන්‍ය උෂ්ණත්වය 1990 ට සාපේක්ෂව සෙල්සියස් අංශක 2-6 පමණ ප්‍රමාණයකින් ඉහළ යයි.

* වසර 2060 වන විට ඕසෝන් වියනේ ඝනකම ඩොබ්සන් ඒකක (ඕසොන් වියනේ ඕසොන් මනින ඒකකය) 100ට ආසන්න මට්ටමකට පහළ යයි. මේ හේතුවෙන් අහිතකර UV කිරණ අධිකව පෘථිවි පෘෂ්ඨය වෙත ළඟා වී සමේ පිළිකා බහුලව ඇති කරයි.

* වසර 2100 වන විට පෘථිවි මුහුදු ජල මට්ටම මීටර 1-3 අතර ප්‍රමාණයකින් ඉහළ යයි. මේ හේතුවෙන් කුඩා දූපත් රාජ්‍ය ලෝක සිතියමෙන් මැකීයා හැකි ය.

* පෘථිවි උණුසුම ඉහළ යාම හේතුවෙන් වායුගෝලයට දරාගත හැකි ජලවාෂ්ප ප්‍රමාණය ඉහළ යාමෙන් පෘථිවියේ සමස්ත වර්ෂණය ඉහළ යනු ඇත.

* මධ්‍ය සහ ඉහළ අක්ෂාංශ ප්‍රදේශවල වර්ෂණය ඉහළ යන අතර නිවර්තන යන උප නිවර්තන ප්‍රදේශවල වර්ෂාපතනය පහළ යයි.

* සුළිසුළංවල ප්‍රබලතාව සහ සංඛ්‍යාතය ඉහළ යයි.

* පෘථිවි හිම ආවරණය තවදුරටත් අඩු වෙයි.

* මුහුදු මත මිදී ඇති අයිස්වල ප්‍රමාණය තවදුරටත් අඩු වෙයි.
(c) Shilpa Sayura Foundation 2006-2017