අම්ල වැස්සේ ඇති ආම්ලික ජලය පසට එක් වි පස ආම්ලික වීමෙන් එම පස ශාක වර්ධනයට නුසුදුසු තත්ත්වයකට පත්වෙයි. බොහෝ ශාක උදාසීන හෝ භාස්මික පසක හොඳින් වර්ධනය වේ. අම්ල වැසි ඇතිවීමෙන් මෙම උදාසීන සහ භාස්මික තත්ත්වය ආම්ලික බවට හැරීම නිසා ශාක වර්ධනයට නුසුදුසු වේ.
එසේ ම අම්ල වැසි නිසා පසේ ඇති ක්ෂුද්‍ර පෝෂක පසෙන් ඉවත් වීම සහ පසේ කැටායන හුවමාරුව හීන වීමෙන් පස නිසරු වෙයි. තව ද අම්ල වැසි කෙලින් ම ශාක පත්‍ර මතට පතිත වීමෙන් ශාක පත්‍රවල ඇති හරිතප්‍රද විනාශ වීමෙන් ශාකවල ආහාර නිෂ්පාදනය අඩාල වී වගාවල අස්වැන්න අඩු වී යා හැකි ය. එසේ ම වනාන්තරවලට දිගු කාලයක් තිස්සේ අම්ල වැසි පතිත වීමෙන් වනාන්තරයේ ඇති විශාල ශාක ක්‍රමයෙන් මිය යෑමට ලක් වෙයි.
Ca සහ Mg අඩංගු පාෂාණ මතට අම්ල වැසි පතිත වීමෙන් ජලයේ Ca2+ හා Mg2+ සාන්ද්‍රණය ඉහළ යයි. මේ හේතුවෙන් ජලයේ කඨිනත්වය වැඩි වේ.