ඉඳිකිරීම් කර්මාන්තයට සිදුවන බලපෑම
 ඉඳිකිරීම් කර්මාන්තයේ දී කොන්ක්‍රීට්, බදාම කපරාරු කිරීම සහ මනා නිමාවක් ලබාදීම සඳහා හුනුගල් යොදාගෙන නිෂ්පාදනය කරන සිමෙන්ති සහ පොටි ආදිය යොදා ගනී. මෙම ද්‍රව්‍ය තුළ ප්‍රධාන සංඝටකයක් ලෙස කැල්සියම් කාබනේට් පවතී. මෙම කැල්සියම් කාබනේට් ආම්ලික ජලය සමඟ ප්‍රතික්‍රියා කර ජලයේ ද්‍රවණය වෙයි.

මේ හේතුවෙන් සිමෙන්ති ආශ්‍රිතව සිදුකරන ඉඳිකිරීම් සෙමින් විඛාදනයට ලක් වී ඒවායේ යාන්ත්‍රික ශක්තිය අඩු වේ. එසේ ම ආම්ලික ජලය මල බැඳීමට උපකාර කිරීමෙන් යකඩ ආශ්‍රිතව සිදුකර ඇති ඉඳිකිරීම්වල ද විඛාදනය සහ මල බැඳීම් වේගවත් වී ඒවායේ ආයු කාලය මෙන් ම යාන්ත්‍රික ශක්තිය ද හීන වෙයි.

කිරිගරුඬ පාෂාණයෙන් නිපදවා ඇති පිළිම, ස්මාරක සහ ගොඩනැඟිලි ආදිය ද අම්ල වැසි හේතුවෙන් විඛාදනයට ලක්වෙයි.
(c) Shilpa Sayura Foundation 2006-2017