ආම්ලික ජලය පසට එක්වූ විට පසේ ඇති ක්ෂුද්‍ර ශාක පෝෂක වන කොපර්, සින්ක්, මැග්නීසියම්, යකඩ වැනි ලෝහ අයන වැඩිපුර දිය වී හෝ H+ අයන සමඟ හුවමාරු වි පසෙන් ඉවත් වී පස නිසරු වෙයි. එසේ ම ආම්ලික ජලය පසට එකතු වීම හේතුවෙන් පසේ ඇති කැටඅයන හුවමාරු ධාරිතාව අඩු වෙයි. එසේ ම සමහර ශාක හොඳින් වර්ධනයට උදාසීන හෝ භාස්මික පසක් අත්‍යවශ්‍ය වෙයි (අඹ, දෙහි, දොඩම්). අම්ල වසි මගින් පස ආම්ලික වීම නිසා මෙවැනි ශාක වර්ධනය අඩාල වේ.
