නයිට්‍රික් අම්ලය
  වාතයට නයිට්‍රික් අම්ලය ප්‍රධාන වශයෙන් එක්වන්නේ රථවාහන ධාවනය හේතුවෙනි. ඉන්ධන දහනයේ දී එම ඉන්ධන වාතය සමඟ මිශ්‍ර කර අධික පීඩනයකට ලක් කර දහනය කරවයි. මෙහි දී ඇති වන ඉතා ඉහළ පීඩනය සහ උෂ්ණත්වය හේතුවෙන් වාතයේ ඇති නයිට්රජන්, ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කර නයිට්‍රික් ඔක්සයිඩ් (NO) වායුව නිපදවෙයි. මෙම වායුව වාතයේ දී තවදුරටත් ඔක්සිකරණය වී නයිට්රජන් ඩයොක්සයිඩ් නිපදවයි.

මෙම NO2 වායුව ජලය සමඟ සම්බන්ධ වී ප්‍රබල අම්ලයක් වන නයිට්‍රික් අම්ලය නිපදවයි. මෙම අම්ලය සල්පියුරික් අම්ලය මෙන් විඝටනය වී ජලයට H+ පහසුවෙන් මුදා හරිමින් ජලය ආම්ලික කරයි.
(c) Shilpa Sayura Foundation 2006-2017