කිත්සිරිමෙවන්
 

ක්‍රි.ව. 302-330
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු. 28 යි)

මහසෙන් රජු ඇවෑමෙන් ඔහුගේ පුත්‍ර වූ සිරිමෙවන් කුමාරයා රජවිය. ඔහු තම පිය රජු විසින් නසන ලද රුවන්වැලිසෑය ප්‍රකෘතිමත් කෙළේය. මිහිඳු මහතෙරුන් වහන්සේගේ ප්‍රමාණය තරමට රත්රන් පිළිම රූපයක්‌ කරවා රජගේ සමීපයේ ගෙයක්‌ කරවා ඒ පිළිමය තැන්පත් කළේය.

මේ රජු රාජ්‍යශ්‍රීයට පැමිණි නවවෙනි වර්ෂයෙහි බුදුන්ගේ දළඳාව කළිගු රටින් මෙහි ගෙනාවාය. රජ තෙමේ එය පිළිගෙන පළිඟු කරඬුවක වඩා දෙවන පෑතිස්‌ රජු විසින් කරවන ලද දම්සක්‌ නම් ගෙහි තැබුයේය. එතැන් පටන් ඒ ගෙය දාඨාධාතුසර නම් විය.

(c) Shilpa Sayura Foundation 2006-2017