දෙවන කොටස
  වායුගෝලයේ සුළු වශයෙන් පවතින කාබන් ඩයොක්සයිඩ් (CO2- 0.004%) ජලයේ දියවීමෙන් දුබල අම්ලයක් වන කාබනික් අම්ලය (H2CO3) සෑදෙයි. මෙම කාබනික අම්ලය ජලයට මඳ වශයෙන් H+ අයන සපයන නිසා වැසි ජලය මඳ වශයෙන් ආම්ලික වේ.

වාතයේ ඇති CO2 වල ජලයේ ද්‍රව්‍යතාව සැලකූ කල CO2 දියවීම හේතුවෙන් ජලයේ pH අගය 5.7ට වඩා පහළ නොයයි. මේ හේතුවෙන් වැසි ජලයේ pH අගය 5.7 - 7 අතර පරාසයක පැවතිය ද එය අම්ල වැසි තත්ත්වයක් ලෙස නොසලකයි. වැසි ජලයේ කාබනික් අම්ලයට වඩා ප්‍රබල අම්ල දියවුව හොත් pH අගය 5.7ට වඩා පහළ යයි. මෙසේ වැසි ජලයේ pH අගය 5.7ට වඩා අඩු අගයක් වාර්තා වීම අම්ල වැසි තත්ත්වයක් ලෙස සලකයි. වැසි ජලයේ දියවිය හැකි ප්‍රබල අම්ල වන්නේ සල්පියුරික් අම්ලය සහ නයිට්රික් අම්ලය යි.
(c) Shilpa Sayura Foundation 2006-2017