pH අගය යනු ජලයේ හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණය මනින මිණුම ය. 25 දී සංශුද්ධ ජලයේ pH අගය 7 කි. pH අගය 7 දී ජලයේ හයිඩ්‍රජන් අයන (H+) සාන්ද්‍රණය සහ හයිඩ්‍රොක්සිල් අයන (OH-) සාන්ද්‍රණය සමාන හෙයින් pH 7 හි පවත්නා ජලය උදාසීන ලෙස හඳුන්වයි. ජලයේ pH අගය 7ට අඩු වීම ආම්ලික තත්ත්වයක් වන අතර pH අගය 7ට වැඩි වීම භාස්මික/ක්ෂාරිය (OH- අයන සාන්ද්‍රණය H+ සාන්ද්‍රණයට වඩා වැඩිවීම) තත්ත්වයක් වෙයි. පිරිසිදු ජලයේ pH අගය 7 වුවද විවිේ ද්‍රව්‍ය මිශ්‍ර වීම නිසා pH අගය 7ට වඩා වෙනස් විය හැකිය. විවිධ වායු, අම්ල වර්ග, ලෝහ ලවණ සහ භස්ම වර්ග ජලයේ දිය වීම හේතුවෙන් ජලයේ pH අගය 7ට වඩා අඩු හෝ වැඩි විය හැකි ය.
වැසි ජලය සෑදෙන්නේ පෘථිවියේ විවිධ ජල ප්‍රභවවලින් වාෂ්පීකරණය වන ජලය වායුගෝලයේ දී ඝනීභවනය වී නැවත පෘථිවි පෘෂ්ඨය කරා ළඟා වීමෙනි. ජල වාෂ්ප සංශුද්ධ යයි සැලකිය හැකි නමුත් වායුගෝලයේ දී ජලවාෂ්ප තුළ විවිධ වායු වර්ග ද්‍රවණය වෙයි.
මෙම ද්‍රවණය වන වායු හේතුවෙන් ජලයේ pH අගය වෙනස් වෙයි. වායුගෝලය ප්‍රධාන වශයෙන් පවතින N2(78%), O2(21%), Ar(1%) යන වායු වැසි ජලයේ සුළු වශයෙන් දිය වුවද pH අගය වෙනස් නොකරයි.