pH අගය යනු ජලයේ හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණය මනින මිණුම ය. 25 දී සංශුද්ධ ජලයේ pH අගය 7 කි. pH අගය 7 දී ජලයේ හයිඩ්‍රජන් අයන (H+) සාන්ද්‍රණය සහ හයිඩ්‍රොක්සිල් අයන (OH-) සාන්ද්‍රණය සමාන හෙයින් pH 7 හි පවත්නා ජලය උදාසීන ලෙස හඳුන්වයි.
ජලයේ pH අගය 7ට අඩු වීම ආම්ලික තත්ත්වයක් වන අතර pH අගය 7ට වැඩි වීම භාස්මික/ක්ෂාරිය (OH- අයන සාන්ද්‍රණය H+ සාන්ද්‍රණයට වඩා වැඩිවීම) තත්ත්වයක් වෙයි. පිරිසිදු ජලයේ pH අගය 7 වුවද විවිේ ද්‍රව්‍ය මිශ්‍ර වීම නිසා pH අගය 7ට වඩා වෙනස් විය හැකිය. විවිධ වායු, අම්ල වර්ග, ලෝහ ලවණ සහ භස්ම වර්ග ජලයේ දිය වීම හේතුවෙන් ජලයේ pH අගය 7ට වඩා අඩු හෝ වැඩි විය හැකි ය.