ඕසෝන් සිදුර
 ඕසෝන් වියනේ හායනය පෘථිවියේ විවිධ භූගෝලීය ප්‍රදේශවල විවිධ ආකාරයට පවතී. සමකාසන්න ප්‍රදේශවල ඕසෝන් වියනේ ඝනකම සාපේක්ෂව අඩු අතර මධ්‍ය අක්ෂාංශ ප්‍රදේශවල එහි ඝනකම ඉහළය.

එසේ ම ඇන්ටාක්ටිකා මහාද්වීපයට ඉහළ ඕසෝන් වියනේ ඝනකම අනෙක් ප්‍රදේශවලය සාපේක්ෂව ඉතා අඩු ය. මෙය ඕසෝන් සිදුර ලෙස හඳුන්වයි. මෙයට නිසි හේතුව තවම අනාවරණය නොවී ඇතත් ඉහළ වායුගෝලයේ පවතින සුළං ප්‍රවාහ මගින් CI මුක්ත ඛණ්ඩක සහ වෙනත් ස්වභාවික ප්‍රභව ඇන්ටාක්ටිකා ප්‍රදේශයට වැඩිපුර එකතු වීම නිසා මෙය සිදුවන බව දැනට සොයාගෙන ඇත.

එනිසා ඕසෝන් සිදුර සහ ඕසෝන් වියනේ හායනය යනු එකම ක්‍රියාවලියක් නොවන බව ප්‍රත්‍යක්ෂ වේ. ඕසෝන් වියන හායනය හේතුවෙන් ඕසෝන් සිදුරේ විශාලත්වය ඉහළ යාම සිදුවේ.
(c) Shilpa Sayura Foundation 2006-2017