ක්ලෝරො පිලුවොරො කාබන් යනු ඉතා ම ස්ථායි මෙන්ම ඉතාම වාෂ්පශීලි කාබනික සංයෝග කාණ්ඩයක් වේ. මේවා කොතරම් ස්ථායි ද යත් ඒවායේ වායුගෝලයේ අර්ධ ආයුකාලය වසර සිය ගණනකි. මෙම සංයෝගවල ඇති ක්ලෝරීන් සහ ප්ලුවෝරීන් පරමාණු හේතුවෙන් ඒවා ජෛව හායනයට හෝ තාප වියෝජනයට ලක් නොවෙයි. එසේ ම පහළ වායුගෝලයේ දී කිසිදු වායුගෝලීය ප්‍රකාශ රසායනික ප්‍රතික්‍රියාවකට ලක් නොවෙයි.
නමුත් මෙම CFC සංයෝගවල ඇති අධික වාෂ්පශීලිතාව සහ ඵලදායිතාව හේතුවෙන් එම සංයෝග ඉහළ වායුගෝලයට එනම් ස්තර ගෝලය දක්වා නොනැසී ගමන් කරයි. මෙම ස්තර ගෝලය ආශ්‍රිත ප්‍රදේශයේ පහළ වායුගෝලය නොපැමිණෙන (ඕසෝන් වියන මගින් උරාගන්නා නිසා) ශක්තිය අධික පාරජම්බුල කිරණ පවතී.
මෙම CFC අණුවල ඇති C-CI බන්ධනය ශක්තිය අධික පාරජම්බුල කිරණ හමුවේ වියෝජනයට ලක් වී ක්ලෝරින් මුක්ත ඛණ්ඩක හටගනී. මෙම ක්ලෝරීන් මුක්ත ඛණ්ඩක ඕසෝන් සමඟ ප්‍රතික්‍රියා කර ඕසෝන් බිඳ වැටීමට නව මාර්ගයක් ඇති කරයි. මෙවිට ඕසෝන් බිඳවැටීමේ වේගය නිපදවන වේගයට වඩා ඉහළ යාමෙන් ඕසෝන් වියන හායනයට ලක්වෙයි.