ඉහත සමතුලිත පද්ධතියේ ඕසොන් බිඳ වැටීම වෙනත් බාහිර ප්‍රභවයකින් වැඩි වුවහොත් එවිට ඕසෝන් බිඳ වැටීමේ වේගය නිපදවීමේ වේගයට වඩා වැඩි වෙයි. අවසාන ප්‍රතිඵලය නම් ඕසොන් ස්තරයේ ඇති ඕසොන් ක්‍රමයෙන් අඩු වීමයි. මෙසේ ඕසොන් වියනේ පවතින ඕසෝන් ප්‍රමාණය දීර්ඝකාලීනව අඩු වී යාම ඕසෝන් වියනේ හායනය ලෙස හැඳින්වෙයි.
මෙය ඉතා භයානක තත්ත්වයකි. මෙවිට සූර්යයාගෙන් පැමිණෙන පාරජම්බුල කිරණ වැඩි ප්‍රමාණයක් පෘථිවි පෘෂ්ඨය කරා ළඟා වී මිනිසා හා අනෙකුත් ජීවීන් එම කිරණ වලට නිරාවරණය වීමෙන් දරුණු අහිතකර ප්‍රතිඵල ලෝකයට ම අත්විඳින්නට සිදුවෙයි.