ඕසෝන් වියනේ සිදුවන රසායනික ක්‍රියාවලි
 1. සූර්යයාගෙන් පැමිණෙන ශක්තිය අධික පාරජම්බුල කිරණ සමඟ ගැටීමෙන් ස්තර ගෝලයේ, ඇති අණුක ඔක්සිජන් පරමාණුක ඔක්සිජන් බවට බිඳ වැටෙයි.

2. මෙම පරමාණුක ඔක්සිජන් ඉතා ප්‍රතික්‍රියාශීලී බැවින් එය තවත් ඔක්සිජන් අණුවක් සමඟ එකතු වි ඕසොන් වායුව නිපදවයි.

3. මෙම ඕසොන් වායුව ශක්තිය අධික වෙනත් පාරජම්බුල කිරණ හමුවේ දී ස්වභාවිකව ම බිඳ වැටෙයි.

මෙම ඔක්සිජන් වායුවේ සහ ඕසොන් වායුවේ බිඳ වැටීමට ශක්තිය අධික UV කිරණ උරාගැනීම නිසා එම කිරණ පෘථිවි පෘෂ්ඨයට පැමිණීම වළකයි. මෙය සම්පූර්ණයෙන් ම ස්වභාවික ක්‍රියාවලියක් වන අතර ඕසොන් නිපදවීමේ වෙගය බිඳවැටීමේ වේගයට සමාන වූ විට ඕසොන් වියනේ නියත ඕසෝන් ප්‍රමාණයක් පවතී. මෙය සමතුලිත ප්‍රතික්‍රියාවලියක් වන්නේ එබැවිනි.
(c) Shilpa Sayura Foundation 2006-2017