ඕසෝන් වියන
 ඕසෝන් වියන, ස්තර ගෝලයේ පිහිටා ඇති අතර සාමාන්‍යයෙන් පෘථිවි පෘෂ්ඨයේ සිට 20 km සිට 35 km දක්වා වූ ප්‍රදේශයක පැතිරී ඇත. වායුගෝලයේ ප්‍රමාණය හා සැසඳූ විට එය ඉතා තුනී සිවියක් බඳු ස්තරයකි.

ඕසෝන් ස්තරය ඕසෝන්වලින් ම පමණක් සමන්විත ප්‍රදේශයක් යැයි නොගත යුතුය. එසේ ම ඕසෝන් ස්තරයේ ඝනකම ප්‍රදේශයෙන් ප්‍රදේශයට, සෘතුවෙන් සෘතුවට වෙනස් වෙයි. එනම් ඕසෝන් වියන යනු, ස්තර ගෝලයේ ඒකාකාරීව පවතින ස්තරයක් නොවන බව වටහා ගත යුතු ය.

එය ගතික සමතුලිතතාවේ ඇති ප්‍රදේශයකි. ඕසෝන් වියන තුළ ඕසෝන් නිපදවීම සහ බිඳවැටීම නිරන්තරයෙන්ම සිදු වෙයි. නමුත් ඕසෝන් නිපදවීමේ වේගය සහ බිඳවැටීමේ වේගය සමාන වන බැවින් අදාළ ප්‍රදේශයේ ඇති ඕසෝන් මට්ටම නියතව පවතී.
(c) Shilpa Sayura Foundation 2006-2017