මහසෙන්
 

ක්‍රි.ව. 276-302
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු. 27)

දෙටුතිස්‌ ඇවෑමෙන් ඔහුගේ සහෝදර වූ මහසෙන් කුමරු අභිෂේක ලැබ විසිහත් අවුරුද්දක්‌ රාජ්‍යය කෙළේය. හෙතෙම තමාට ගුරුතැන්පත් සංඝමිත්‍ර නම් තෙරගේ මිථ්‍යලබ්ධික පිළිගෙන සම්‍යග්දෘෂ්ටි භික්‌ෂු සංඝයාට දන් නොදෙන ලෙස ආඥාවන් පැන වූයේය. බොහෝ ගණන් සංඝයා තුන් දිනක්‌ අනුරාධපුර සමීපයෙහි ඇවිද ආහාර නොලැබ රජුගේ ආඥාව ප්‍රකාශ නුවූ රුහුණු රටට ගියේය.

රජ තෙම සංඝමිත්‍ර තෙරගේ ද සෝණ නම් අමාත්‍යයකුගේ අනුමැතිකම පිට වෛතුල්‍ය ධර්මය පිළිගත් මහනුන්නාන්සේලාගේ වාසය පිණිස විහාර සෑදීමට ලෝවාමහාපාය සහ තවත් විහාර 363 ක්‌ බිඳ දැම්මෙවුවේය.

කල්යාමෙන් මහසෙන් රජ තමාගේ මිත්‍යාලබ්ධිය හැරදමා තමා විසින් බිඳ හෙලන ලද ලෝවාමහපාය ඇතුළු වෙහෙර විහාර නැවත සාදවා අනුරාධපුර මහාජේතවනාරාමය කරවූයේය. රජහුගේ එක්‌ බිරින්දක්‌ තොමෝ සංඝමිත්‍ර තෙරහු මැරවීය. වැසියන් සෝණ නම් අමාත්‍යයාද අල්වා මරන ලද්දේය.

(c) Shilpa Sayura Foundation 2006-2017