ඕසෝන් අණුව යනු ඔක්සිජන් පරමාණු තුනකින් සෑදුණු වායුවකි. (ඔක්සිජන් වායුව සෑදී ඇත්තේ ඔක්සිජන් පරමාණු දෙකකිනි) ඕසෝන් ඉතා අස්ථායි වායුවක් වන අතර ඒ හේතුවෙන් එය අධික ප්‍රතික්‍රියාශීලී වෙයි. මේ හේතුවෙන් වායුගෝලයේ ඕසෝන් පවතින්නේ ඉතාම අල්ප වශයෙනි. ඕසෝන් සෑදීම සඳහා ඉතා ප්‍රබල තත්ත්ව අවශ්‍ය වෙයි. අකුණු ගැසීමේ දී ඇතිවන ඉතා අධික වෝල්ටීයතාව හේතුවෙන් ඕසෝන් වායුව නිපදවෙයි. එසේම විද්‍යුත් විද්‍යුත් පුළිඟුවක් (electric spark) ඇති වීමේ දී ද ඕසෝන් නිපදවෙයි.
ඕසෝන් යනු විඛාදක ගුණ ඇති අප්‍රසන්න ගන්ධයක් ඇති වායුවකි. ඔබ නිවසේ විදුලි කාන්දුවක දී ඇතිවන පුළිඟු පිටවීමේ දී දැනෙන අප්‍රසන්න ගන්ධය ඇති වීමට එක් හේතුවක් වන්නේ ඕසෝන් වායුව නිපදවීමයි. එසේ ම ඕසෝන් ආඝ්‍රාණය වීමෙන් කැස්ස සහ ශ්වසන මාර්ගයේ පිළිස්සෙනසුලු ගතියක් ඇති වෙයි. මේ නිසා ඕසෝන් යනු අහිතකර වායුවකි.
ඕසෝන් කාර්මිකව විවිධ අවශ්‍යතා වලට යොදා ගනී. රධාන වශයෙන් ජලය ජීවාණුහරණය සඳහා යොදා ගනී. ඕසෝන් මගින් ජලයේ පවතින අහිතකර බැක්ටීරියා සහ වෛරස් විනාශ කරයි. එසේ ම එළවළු පලතුරු ආදියේ ඇති අහිතකර බැක්ටීරියා වර්ග විනාශ කිරීමට එම ද්‍රව්‍ය ඕසෝන්වලට නිරාවරණය කරන තාක්ෂණයක් පවතී.