නයිට්‍රික් අම්ලය නිපදවීම, නයිලෝන් ආදිය නිපදවීමට ගන්නා ඇඩිපික් අම්ලය නිපදවීම ආදී කාර්මික ක්‍රියාවල දී ද අතුරු ඵලයක් ලෙස N2O නිපදවෙයි.
වායුගෝලයට නයිට්රජන් ඔක්සයිඩ එකතුවන මාර්ග කිහිපයක් තිබුණ ද එයට වායුගෝලයෙන් ඉවත් වීමට ඇත්තේ සීමිත මාර්ග ගණනකි. N2O වායු ගෝලයෙන් ඉවත් වන්නේ සමහර නයිට්‍රීහරණ බැක්ටීරියා තම ශක්ති ප්‍රභවය ලෙස N2O අවශෝෂණය කර ගැනීම සහ පාරජම්බුල කිරණ අවශෝෂණයෙන් සිදුවන වායු ගෝලීය ප්‍රකාශ රසායනික ප්‍රතික්‍රියා මගින් පමණී.
ක්ලෝරිනීකෘත සහ ප්ලුවොරිනීකෘත වායු :- මෙම වායු ස්වභාවයේ නොපවතින (හැරුණු විට) අතර මේවා සම්පූර්ණයෙන් ම කාර්මිකව නිෂ්පාදනය කරන ලද වායු වෙයි. වෙනත් ආකාරයකට කිවහොත් කාර්මික විප්ලවයට පෙර මෙම වායුවල වායුගෝලීය සංයුතිය ශුන්‍ය විය. නමුත් කාර්මික විප්ලවයත් සමඟ විවිධ භාවිත සඳහා මෙම වායු සංයෝග සංශ්ලේෂණය කෙරුණි. මෙහි විශේෂත්වය නම් ඒවා අධික ස්ථායි තාවයකින් යුක්ත වීමයි. එනම් මෙම වායු වායුගෝලයේ වසර සිය දහස් ගණනක් වියෝජනය නොවී පැවතිය හැකි වීමයි.