නයිට්‍රස් ඔක්සයිඩ් එකතු වන ක්‍රම
  කෘෂිකර්මාන්තය :- කෘෂිකර්මාන්තයට අධික ලෙස යොදාගන්නා නයිට්රජන් අඩංගු යූරියා, ඇමෝනියම් නයිට්‍රේට් වැනි පොහොර වර්ග පාංශු සහ ක්ෂුද්‍ර ජීවී ක්‍රියාවලීන්ට ලක්වීමෙන් පිටවන N2O මගින් ගෝලීය උණුසුම වැඩි කිරීමට දක්වන දායකත්වය ලොව සියලු ප්‍රවාහන කටයුතුවලින් සිදුවන දායකත්වය ඉක්මවා යන බව ඇස්තමේන්තු කර ඇත.

පසේ වාසය කරන සමහර බැක්ටීරියා තම ශක්ති අවශ්‍යතාවය සඳහා ලබාගෙන කොටසක් N2O බවට පත් වී වායුගෝලයට මුදා හැරෙයි. එසේ ම නයිට්රජන් අධික සත්ත්ව අපද්‍රව්‍ය වන මූත්‍ර සහ මස් කර්මාන්තයෙන් ඉවත් කරන අපද්‍රව්‍ය වියෝජනයෙන් ද සැලකිය යුතු N2O ප්‍රමාණයක් වාතයට එක්වෙයි.
(c) Shilpa Sayura Foundation 2006-2017