මෙතේන්වලට පසු බහුලව ම හමුවන හරිතාගාර වායුව නයිට්‍රස් ඔක්සයිඩ් ය. නයිට්‍රස් ඔක්සයිඩ් හරිතාගාර වායු විමෝචනයට 5% කින් පමණ දායකත්වයක් දක්වයි. නයිට්‍රස් ඔක්සයිඩ් චක්‍රයේ එක් අංගයක් ලෙස ස්වභාවිකව පවතී. නමුත් මානව ක්‍රියාකාරකම් වන කෘෂිකර්මාන්තය, ෆොසිල ඉන්ධන දහනය, අපජලය කළමනාකරණය සහ වෙනත් කාර්මික භාවිත නිසා වායුගෝලීය N2O මට්ටම ශීඝ්‍ර ලෙස වැඩිවෙමින් පවතී.
N2O වායුවේ ඇති ස්ථායිතාව නිසා එයට සාමාන්‍යයෙන් වසර 120ක් පමණ වායුගෝලයේ පැවතිය හැකි නිසාත්, එහි පෘථිවිය උණුසුම් කිරීමේ හැකියාව (GWF) CO2 මෙන් 310 ගුණයක් බැවින් වායුගෝලයේ ඇති ඉතා කුඩා සංයුතියක් වුවද, පෘථිවි උණුසුම වැඩිකිරීමට දක්වන දායකත්වය සැලකිය යුතු මට්ටමක පවතී. N2O වායුගෝලීය සංයුතිය අද වන විට බිලියනයකට කොටස් 320 ද ඉක්මවා ගොස් ඇත.