දෙටුතිස්‌ (ජෙට්‌ඨතිස්‌ස)
 

ක්‍රි.ව. 267-276
අගනගරය - අනුරාධපුරය (පා.කා. දවු. 10 යි)

ගෝඨාභය රජු ඇවෑමෙන් ඔහු පුත් දෙටුතිස්‌සට රජකම ලැබුණේය. මේ කුමාරයා රජ පැමිණි දවසේම දුෂ්ඨ ඇමැතියන් බොහෝ දෙනෙකු මැරූ බැවින් සංඝමිත්‍ර නම් තෙර භයින් තැතිගෙන මුහුදින් එතෙරට පලා ගියේය. දෙටුතිස්‌ රජ වැව් සයක්‌ද, පැලැන්ගිරිය, මුලන්ගිරිය, මුන්තරු වෙහෙර, එළුගල් වෙහෙර, බඳුළු වෙහෙර යන මේ වෙහෙරද කරවා මිහින්තලයට බුදුන්ගේ අකුධාතුව ගෙන ගොස්‌ තැබුයේය.

(c) Shilpa Sayura Foundation 2006-2017